2015 වසරේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරැද්දක් ශ්‍රී ලංකාවට දරා ගැනීමට නොහැකි වේවි - මහින්ද

November 29, 2023 - 11:58 AM

රටේ ජනතාව තම තීරණ සඳහා පදනම් කරගත යුත්තේ නිවැරදි දත්ත සහ සත්‍ය කරුණු මිස ඝෝෂාව හා බොරු ප්‍රචාර නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ අනුව තමා ජනාධිපති වශයෙන් කටයුතු කල අවුරුදු 9ක කාලය තුල ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6% ක් ඉක්ම වූ බවයි වත්මන් ආර්ථික අර්බුදය සම්බන්දයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ.

2015දී රටට දායාද කර ගියේ ශක්තිමත් ආර්ථිකයක් බවත් එය ඉතිහාසයේ මනාව සටහන් වී ඇති බව පෙන්වාදෙන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, 2015 සිට 2019 දක්වා කාලයේදී අසල්වැසි රටවල් සියල්ලම ජවසම්පන්න ආර්ථික වර්ධනයක් අත්කර ගනිද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානියට පත්ව ඇති බවයි.

වත්මන් ආර්ථික තත්ත්වය අනුව 2015 වසරේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරැද්දක් යළිත් ශ්‍රී ලංකාවට දරා ගැනීමට නොහැකි වනු ඇති බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්...