වන අලි ප්‍රහාරයකින් තවත් ජීවිතයක් බිලිගනී

September 10, 2024 - 11:09 AM
වන අලියන් තිදෙනෙක් ගම් වැදී ගොවිතැන් විනාශ කිරීම හේතුවෙන් එම වන අලි පලවා හැරීමට යාමේදී වන අලි ප්‍රහාරයට ලක් වී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක කොග්ගල, අම්බලතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අම්බලන්තොට පොලීසිය විසින් සිදු කරනු ලබනවා.


(lknews)