අලිවැට සංරක්ෂණයට නිලධාරීන් 4,500ක් වනජීවිය අනුමත කරයි

March 12, 2024 - 1:46 PM
‍අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවි අමාත්‍යාංශයට අනුයුක්ත කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඔවුන් දෙපාර්තමේන්තු සේවකයින් බවට පත්කිරීමෙන් අනතුරුව ‍අලිවැට සංරක්ෂණය සඳහා කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකි බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

ඒ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
(lknews.lk)