කොදෙව් කාන්තාවන්ට එරෙහිව ශ්‍රී ලංකා කාන්තාවන්ට විශිෂ්ට ජයක්

June 15, 2024 - 5:32 PM
කොදෙව් කාන්තා කණ්ඩායම එරෙහිව අද (15) පැවති පළමු එක්දින තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 195ක් පමණයි.

පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි සහ කවිෂා දිල්හාරි කඩුලු 3 බැගින් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය එළඹෙන 18 වනදා පැවැත්වෙනවා.

(lknews)