අසිරිමත් නත්තල උදාවෙයි

December 25, 2023 - 10:30 AM
ලොවට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසු බිළිදාගේ උපත සැමරෙන නත්තල ඊයේ (24)  මධ්‍යම රාත්‍රියේ උදාවුණා.

බෙත්ලෙහෙමේ ගව ලෙනක උපත ලැබු ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ සුවිශේෂි උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වයි.

මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ දී පැවැත්වුණා.

සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලුදෙනා වගබලා ගත යුතු බවයි.

නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වෙනවා

එමෙන්ම සාමයේ කුමරුගේ උපත සිදු වූ බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සැමරුම් නොපැවැත්වෙන බව  විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ ගාසා තීරයේ යළි උත්සන්න වී ඇති යුද ගැටුම් වලට විරෝධය පළකිරීමක් ලෙසයි.
(lknews.lk)