ලෝක මැරතන් ශූරයා දැයෙන් සමුගනී

February 12, 2024 - 5:27 PM
ලෝක මැරතන් ශූරයා ලෙස නම් ලත් කෙන්යාවේ කෙල්වින් කිප්ටම් මෝටර් රථ අනතුරකින් ඊයේ (11) දින ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ මෙම අනතුර කෙන්යාවේ දී සිදු වූ බවයි.

එම අනතුරින් ඔහුගේ පුහුණුකරු, රුවන්ඩාවේ Gervais Hakizimana ද මියගොස් තිබෙනවා.

ලොව මෙතෙක් බිහි වූ සුපිරිතම මැරතන් ධාවක කිප්ටම් 2023 ඔක්තෝබර් මාසයේදී චිකාගෝ මැරතන් තරගය පැය 2යි තත්පර 35කින් නිම කිරීමට සමත් වුණා.

(LKNEWS)