රෝහල් 8ක විකිරණ පරීක්ෂණ අඩාලයි

October 18, 2024 - 12:09 PM
රජයේ රෝහල් පද්ධතිය තුළ පරිපූරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරීන්ගේ හිඟයක් මේ වන විට පවතිනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කළේ ඒ හේතුවෙන් මෙරට රෝහල් 8කට වැඩි ප්‍රමාණයක විකිරණ පරීක්ෂණ සේවාවන් අඩාල වී ඇති බවයි.

පසුගිය රජය සමයේ පරිපූරක වෛද්‍ය සේවාවට අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීම නතර කිරීම හේතුවෙන් CT ස්කෑනර්, MRI ස්කෑනර් සහ හෘද කැතීටර් කරන ඒකකයන්හී පරීක්ෂණ රැසක් ද සිදු කිරීම මේ වන විට ගැටළු සහගතවී තිබෙන බව එහි ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළා.

(lknews.lk)