වසර අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට

July 17, 2024 - 2:40 PM
නවසීලන්ත කණ්ඩායම මෙම වසර අවසානයේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියක් සහ විස්සයි විස්ස තරගාවලියක් පවත්වන බව තහවුරු කර තිබෙනවා.

ඒ නවසීලන්ත සත්කාරකත්වයෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පළමු T20 තරගය දෙසැම්බර් 28 වනදා සහ දෙවන T20 තරගය දෙසැම්බර් 30 වනදා Taurangaහීදී පැවැත්වෙනවා.

එමෙන්ම තුන්වන T20 තරගය ජනවාරි 2 වනදා Nelsonහිදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

පසුව පළමු එක්දින තරගය ජනවාරි 5 වනදා Wellingtonහිදී, දෙවන එක්දින තරගය ජනවාරි 8 වනදා Hamiltonහිදී සහ තුන්වන එක්දින තරගය ජනවාරි 11 වනදා Aucklandහිදී පැවැත්වීමට නියමිතයි. 

(lknews)