යුක්තිය මෙහෙයුමේ පළමු පැය 24 තුළ මිලියන 300ක මත්ද්‍රව්‍ය අල්ලයි

December 18, 2023 - 12:02 PM
දිවයින පුරා මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ පළමු පැය 24 තුළ පොලිස් භාරයට ගත් හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍යවල මුලු වටිනාකම රුපියල් මිලියන 300 ඉක්මවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගල්කිස්ස, තංගල්ල, කන්කසන්තුරය, වව්නියාව ඇතුලු පොලිස් කොට්ඨාස 45 ක මෙම යුක්තිය මෙහෙයුම ආරම්භ කෙරුණේ ඊයේ (17) දිනයේදීයි.

එමෙන්ම ගතවූ පැය 24ක කාලය තුළ සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 2,121 ක්.
(lknews.lk)