ලැයිස්තුගත කුඩු කප්පිත්තන් 73ක් පොලිස් අත්අඩංගුවට

December 28, 2023 - 11:54 AM

ගතවූ පැය 24 තුළ සිදුකළ විශේෂ මෙහෙයුමේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී මුලු සැකකරුවන් 1,422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.

තවද සැකකරුවන් 03 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

ඒ අනුව 2023.12.27 දින පැය 0030 සිට 2023.12.28 වන දින පැය 0030 දක්වා කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  • හෙරොයින් 347g

  • අයිස් 827g

  • ගංජා 05kg 475 g

  • ගංජා පැල 6691

  • මාවා 208 g

  • මත්පෙති 3574

(lknews.lk)