ගෙවුණු පැය 24 තුළ සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට

January 03, 2024 - 2:24 PM
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දිවයින පුරා සිදුකළ ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී තවත් සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව අද (03) අලුයම 12.30 න් අවසන් වූ පැය 24 තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව සඳහන්. 
 
මෙම මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
  • හෙරොයින් - 287g
  • අයිස් - 246g
  • ගංජා - 05kg 400 g
  • ගංජා පැල - 19,052 ක් 
  • මාවා - 104g 
  • ඈෂ් - 95 g 
  • මත්පෙති 119 ක් 
 
එමෙන්ම 2023 දෙසැම්බර් 17 වැනිදා සිට ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම දියත් කිරීමෙන් පසු මේ දක්වා සැකකරුවන් 22,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද සඳහන්.
(lknews.lk)